හිටපු අගමැති අස්ගිරි සහ මල්වතු මහානායක හිමිවරුන් බැහැදැකී - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

හිටපු අගමැති අස්ගිරි සහ මල්වතු මහානායක හිමිවරුන් බැහැදැකී


හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද අස්ගිරි සහ මල්වතු මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

පළමුව හිටපු අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත් ඔහු අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥනරතන නාහිමියන් බැහැදුටු බවයි.

තමන් ධුරය දැරු කාලයේදී ලබාදුන් සහයෝගය සඳහා මහානායක හිමිවරුන් බැහැදැක ස්තුතිය ප්‍රකාශ කළ බවයි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහභාගි වී සිටියේ නෑ.

මේ අතර, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුන් අතර හමුවක් අද කොළඹදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි කියා සිටියා.

මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂ නායක ධුරය සහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබද මෙහිදි සාකච්ඡා කිරිමට නියමිත බවයි.

No comments

Powered by Blogger.