හුංගම බස්රථ අනතුරින් තුවාල ලැබූ 20ක් තවමත් රෝහලේ - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

හුංගම බස්රථ අනතුරින් තුවාල ලැබූ 20ක් තවමත් රෝහලේ



 කතරගම - කොළඹ ප්‍රධාන මාර්ගයේ හුංගම, බටඅත ප්‍රදේශයේදී බස්රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් පුදිලයන් 20 දෙනෙකු තවමත් නේවාසිකව ප්‍රත්‍රිකාර ලබනවා. තුවාල ලැබූවන් අතර  පිරිමි  පුද්ගලයින් 7 දෙනෙකු , කාන්තාවන් 7 දෙනෙකු හා ළමුන් 5 දෙනෙකු ඇතුලත්. එමෙන්ම මෙම අනතුරින් සිව් දෙනෙකු මිය ගිය බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු, බස් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු , කාන්තාවක් සහ වයස අවුරුදු 3ක කුඩා දැරියක් රන්න රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් මියගිය අයගේ මෘතදේහ තංගල්ල මූලික රෝහලේ මෘතශරීරාගාරයේ මේ වන විට තැන්පත් කරඇති අතර, හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

No comments

Powered by Blogger.