හඩ පට ගැන විමසන්න විනිසුරු ගිහාන් පිලපිටියගෙන් පැය 5ක් CID ප්‍රශ්න කරයි


විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පැය 05ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළ‍ා.

නීතිපතිවරයාගේ නියෝගකට අනුව විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමානායක මහතා සමඟ අධිකරණ කටයුතු පිළිබඳ ආන්දෝලාන්තමක දුරකථන සංවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් ගිහාන් පිලපිටිය මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ.

මේ අතර  ආන්දෝලනාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ හිටපු විනිසුරුවරියක වන පද්මිණි එම්.රණවක මහත්මියගෙන් සහ දැනට වැඩ තහනමට ලක්ව සිටින විනිසුරු ධම්මික හේමපාල මහතාගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.

ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා පසුගිය 16 වනදා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් ද නිකුත් කර තිබුණා.

No comments

Powered by Blogger.