මගීන් දෙදෙනෙකු මිය ගිය ලයන් එයාර් ගුවන් යානයේ බරපතල තත්වයේ සිටි තුවත් මගියෙකු මීගමුව රෝහලට ඇතුලත් කරයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

මගීන් දෙදෙනෙකු මිය ගිය ලයන් එයාර් ගුවන් යානයේ බරපතල තත්වයේ සිටි තුවත් මගියෙකු මීගමුව රෝහලට ඇතුලත් කරයි

ලයන් එයාර් ගුවන් යානයේ සිටි තවත් මගියෙකු මීගමුව මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මීගමුව මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ, ඔහුගේ තත්ත්වය ද බරපතළ බවයි.

ලයන් එයාර් ගුවන් යානයේ අද අලුයම මියගොස් සිටි මගීන් දෙදෙනාගේ සිරුරු මීගමුව මහ රෝහල වෙත යොමුකර තිබේ.

පොලීසිය පැවසුවේ, ඉන්දුනීසියානු ජාතික 64 හැවිරිදි පිරිමි අයෙකු සහ 74 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි.

මගීන් 285 ක් රැගත් ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද අලුයම 2.45 ට පමණ හදිසියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වනු ලැබී ය.

ඒ, සෞදියේ ජෙඩා සිට ඉන්දුනිසියාවේ සුරබයා දක්වා පියාසර කළ ගුවන් ලයන් එයාර් ගුවන් යානයේ සිටි අසනීපවූ මගීන් දෙදෙනෙකුට ප්‍රථිකාර ලබා දීම සඳහායි.

කෙසේ වෙතත් ඒ වන විටත් අදාළ මගීන් දෙදෙනා මිය ගොස් සිටි බව පොලිසිය සඳහන් කළේ ය.

No comments

Powered by Blogger.