අංගොඩ ලොක්කාගේ කප්පම් කල්ලියේ ප්‍රධානියා අත්අඩංගුවට - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

අංගොඩ ලොක්කාගේ කප්පම් කල්ලියේ ප්‍රධානියා අත්අඩංගුවට

අංගොඩ ලොක්කාගේ කප්පම් ජාවාරමේ ප්‍රධානියෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය කොටිකාවත්ත ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත්තා.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 250ක් ද සොයා ගත් බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

42 හැවිරිදි මෙම සැකකරු මුල්ලේරියාව නව නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. දීර්ඝ කාලයක සිට සැකකරු අංගොඩ ලොක්කා සමඟ කප්පම් ජාවාරමේ නිරතව ඇති අතර ඊට අමතරව මත්ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතුවල ද මොහු නිරතව තිබෙනවා.

No comments

Powered by Blogger.