ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි තවත් මඟින් 41 දෙනෙකුට කොරෝනා - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි තවත් මඟින් 41 දෙනෙකුට කොරෝනා


ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි තවත් මඟින් 41 දෙනෙකුට කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එම නෞකාවේ සිටි මඟීන් 61 දෙනෙකුට මේ වනවිට වෛරසය වැළදී ඇති බව වාර්තා වන අතර, මඟින් 3,700 දෙනෙකු රැගත් අදාළ නෞකාව ජපානයේ යොකොහෝමා වරායේ නිරෝධායන කටයුතු සඳහා නවතා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

එම නෞකාවේ සිටි 80 හැවිරිදි හොංකොං ජාතිකයෙකුට වෛරසය වැළඳී තිබීම හේතුවෙන් එහි මඟීන් පරීක්ෂා කිරීම ආරම්භ වුණා.

මේ අතර මඟින් 3600 දෙනෙකු සහිත වර්ල්ඩ් ඩ්‍රීම් නැමැති නෞකාවේ ද වෛරසය වැළඳුනු රෝගීන් 08 දෙනෙකු හමුවීමෙන් පසු එම නෞකාවද නිරෝධායනයට ලක් කෙරුණි.

ඒ අනුව මේ වනවිට ජපානයේ වෛරසය ආසාදිත රෝගීන් 86 දෙනෙකු වාර්තා වන අතර චීනයට පසු වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හදුනාගෙන ඇත්තේ ද ජපානයේදී වීම විශේෂත්වයක් වෙයි.









No comments

Powered by Blogger.