පවතින තත්වය මත රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයටම දින තුනක විශේෂ නිවාඩුවක් ලබා දීමට රජය තීරණය කරයි


හෙට(17) සිට රජය හා පෞද්ගලික අංශයේ දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව හෙට සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බව රජය නිවේදනය කරයි.

එහෙත් සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව බල පැවැත්වෙනු ඇති.

කොවිඩ් නයින්ටීන් වෛරසයේ  ව්‍යාප්තිය පිළිබඳ අවධානය යොමුකරමින් තවදුරටත් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ සලකා බැලීමට නියමිතයි.

රජය විසින් අද(16) දිනය ද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබිණි.

ඒ අනුව රාජ්‍ය ආයතන බැංකු සහ වෙළඳ නිවාඩුවක් ලෙස ද අද දිනය ප්‍රකාශයට පත් කෙරිණි.

කෙසේ වෙතත් අද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබුනද සෞඛ්‍ය අංශ සඳහා එය වලංගු නොවු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රානී ජයවර්ධන මහත්මිය පැවසීය.


No comments

Powered by Blogger.