කොරෝනා වෛරසය මර්දනය සදහා ස්ථාපිත සාක් අරමුදලට අමෙරිකානු ඩොලර් පනස් ලක්‍ෂයක පරිත්‍යාගයක් ජනපතිගෙන්


කොරෝනා වෛරසය මර්දනය සදහා ස්ථාපිත සාක් අරමුදලට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින්  අමෙරිකානු ඩොලර් පනස් ලක්‍ෂයක් පරිත්‍යාග කිරීමට කටයුත් කර තිබෙනවා. ඉකුත් 15 වනදා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවති සාක් හවුලේ රාජ්‍ය නායකයින්ගේ වීඩියෝ සම්මන්ත‍්‍රණයේදී මෙම අරමුදල ස්ථාපිත කළා.

මේ අතර කොරෝනා මර්දනයට සහයවීම සදහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය රජයට ඩොලර් මිලියන 25 ක මුදලක් ප‍්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.

No comments

Powered by Blogger.