වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය අකුරටම - කිසිවෙකුටත් මාර්ග වල රැඳී සිටීම තහනම්


දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි.
ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කළමනාකරණය භාර කාර්ය සාධක බලකාය සියලු විධිවිධාන සලසා ඇත.

ඇඳිරි නීති කාලය තුළ කිසිවකු සිය අභිමතයට මාර්ගවලට පැමිණීම නොකළ යුතුය.

කාර්ය සාධක බලකාය විසින් අවසර දී ඇති ඩිලිවරි වාහන පමණක් මාර්ග වල ධාවනය කිරීමට පිළිවන. අන් කිසිඳු වාහනයක් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ධාවනය නොකළ යුතුය.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙනයාම මුළුමනින් තහනම් වෙයි.


මේ අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහාම එම වෙළෙඳසැල් වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

කුමන දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ, කුඩා තේ වතු ඇතුළු වැවිලි වගා වැඩ සහ ධීවර කර්මාන්තයට අවසර ඇත.

ගුවන් තොටුපොළ සහ වරාය සේවා පවත්වාගනෙ යනු ලැබෙයි.

පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කළ යුතුය.


No comments

Powered by Blogger.