"අපි හිතුවේ පුටින් කියලා බලන් යද්දී හිටංමයි ඇවිත් තියෙන්නේ" හරීන් ජනාධිපතිට දෙහිකපයි


මේ මොහොතේ රටට ඇත්තේ මැතිවරණ ගැටළුවක් නොව කොරෝනා පිළිබඳ ගැටළුවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් දක්වා සිටියේය.

රට රකින අපේ විරුවා මව් බිමට පෙමින් සැමදා ලෙස ජනාධිපතිවරණ වේදිකාවේ පැවසු ඔහු අද වනවිට “මම කිව්වද බිග් මැච් ගහන්න කියලා, මම කිව්වද සිරිපාදේ යන්න කියල, අපි හිතුවේ පුටින් කියලා බලන් යද්දී හිටංමයි ඇවිත් තියෙන්නේ” ලෙස පැවසීය.

මේ වන විට පිටරටවලින් කොරෝනා වෛරසය නොපැමිණෙන බැවින් රට තුල එය පාලනය කල හැකි බව පවසන ජනපතිවරයා ජනතාවට බිය නොවන්න පවසමින් 2/3ක බලයක් ලබා ගැනීමට මැතිවරණය පැවැත්විය යුතු බව පැවසීමෙන් නොමේරු ජනපතිවරයෙක්ගේ ලක්ෂණ පෙන්නුම් කරන බව සඳහන් කරන ලදී.

මේ වනවිට රටේ නාගයෝ පැමිණි තැන් වලින් සිදුවිය යුත්තේ උදේ සවස රටට සෙත් පතා පිරිත් කීම බවද ඔහු සඳහන් කරන ලදී.

No comments

Powered by Blogger.