ලෙඩ රෝග 200ක් හඳුනා ගැනීමට හැකි විශේෂ රොබෝ යන්ත්‍රයක් අග්‍රාමාත්‍ය වරයාට භාරදෙයි


කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු විසින් නිර්මාණය කර ලද වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රයක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මෙම රොබෝ යන්ත්‍රයට ලෙඩ රෝග 200ක් හඳුනා ගැනීමට සහ ඒ පිළිබඳව උපදෙස් ලබා දී මට ද හැකියාව පවතින බවයි.

එමෙන් ම මෙම යන්ත්‍රයට සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන් ම සන්නිවේදන කටයුතු සිදු කිරීමේ හැකියාව පැවතීම විශේෂත්වයකි.

අදාළ රොබෝ යන්ත්‍රය තවදුරටත් වැඩිදියුණු කර ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහයට යෙදවීම පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.






No comments

Powered by Blogger.