time

තවත් ආසාදිතයින් 5 දෙනෙකු බණ්ඩාරනායක මාවතින් හමුවීමත් සමග එම ප්‍රදේශයේ පුද්ගලයින් 1010 දෙනෙකු නිරෝධායනට ලක් කරයි



අද දිනයේ තවත් ආසාදිතයින් 5 දෙනෙකු බණ්ඩාරනායක මාවත වතු ආශ්‍රිත ප්‍රදේශයෙන් හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 309 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙසේ ආසාදිතයන් එම ප්‍රදේශයෙන් හමු වීමත් සමග පවුල් 242කට අයත් පුද්ගලයින් 1010 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරීමට පියවර ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.

ඊයේ දිනයේ ද මෙරටින් කොරෝනා ආසාදිතයින් 33 දෙනෙකු හමු වූ අතර එය මෙරට දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද වේ.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 33 දෙනා අතරින් අවසන් වරට හමු වූ ආසාදිතයින් දෙදෙනා පිළියන්දල සහ බොරැලැස්ගමුව ප්‍රදේශවලින් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.








No comments

Powered by Blogger.