කොරෝනා වලින් ආරක්ෂා වෙන්න කියලා නීට් ගහපු ඉරාන ජාතිකයන් 600 දෙනෙකු මරුට 3000ක් රෝහල් ගත කරයි


අධි සාන්ද්‍රනයෙන් යුත් මද්‍යසාර පානය කර ඒවා විෂ වීමෙන් ඉරාන ජාතිකයන් 600 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒවා පානය කිරීමෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි බවට පැතිර ගිය තොරතුරක් හේතුවෙනුයි මෙම පුද්ගලයන් අධි සාන්ද්‍රනයෙන් යුත් මද්‍යසාර පානය කර ඇත්තේ.

තවත් 3000කට වැඩි පිරිසක් මද්‍යසාර පානයෙන් පසු ඇතිවූ විෂ වීම් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිර යාම හමුවේ මේවන විට ඉරානයෙන් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 3872ක්.

No comments

Powered by Blogger.