හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ඇප



 අත්අඩංගුවට ගෙන සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත රන්ජන් රාමනායක මහතා මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

ඇප කොන්දේසි සම්පුර්ණ කරන තෙක් පෞද්ගලික ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීමේ චෝදනා මත  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය දා  අත්අඩංගුවට ගැනුණා.

No comments

Powered by Blogger.