හිරු තරු දෙක සුදේව රංගන හිරුට සමු දෙයි තවත් පිරිසක් ඉවත් වීමට නියමිතයි


හිරු රූපවාහිනී නාළිකාවේ ප්‍රධාන නිවේදකයින් දෙදෙනෙකු වූ සුදේව හෙට්ටිආරච්චි හා රංගන ද සිල්වා එම නාලිකාවෙන් ඉවත්ව ස්වර්ණවාහිනී නාලිකාව සමඟින් එක්ව ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ අපවෙත වාර්තා වෙනවා. සුදේව හෙට්ටිආරච්චි හිරු නාළිකාවේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර ඔහු හා රංගන ද සිල්වා පසුගිය දිනෙක තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධානියා වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී මොවුන් දෙදනා අපට දැකගත හැකි වන්නේ ස්වර්ණවාහිනී නාළිකාවෙන් වන අතර අප වෙත ලැබී ඇති තොරතුරු අනුව සුදේව හෙට්ටිආරච්චි EAP සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු (Group CEO) ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.  එමෙන්ම රංගන ද සිල්වා එම නාලිකාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

සුදේව හෙට්ටිආරච්චි හිරු මාධ්‍ය ආයතනයට එකතුවන්නේ 1998 වසරේ වන අතර මේ වනවිට ඔහු එම ආයතනයේ වසර 22 කට අධික කාලයක් සේවය කර තිබෙනවා.

මීට පෙර හිරු ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහන් අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අරවින්ද ලොකුගේ හා සැලකිව යුතු සේවකයන් පිරිසක් අස් වීම හිරු ගුවන් විදුලි නාලිකාව විශාල කඩා වැටීමකට හේතු වූවා.

එමෙන්ම වැඩසටහන් රාශියක් මෙහෙය වූ සුදේව හා රංගන මෙම අවස්ථාවේ හිරු රූපවාහිනියට සමු දීමත් සමග හිරු මාධ්‍ය ජාලය තව තවත් කඩා වැටීමටබලක්වනු ඇතී. 

මෙසේ හිරු මාධ්‍ය ආයතනයේ බල කනු ඉවත්ව යාමට ‍ප්‍රධාන හේතුව ලෙස ඔවුන් සඳහන් කර ඇතිතේ සේවකයෙකුට දරාගැනීමට නොහැකි තරම් පීඩනයක් ආයතනයේ ප්‍රධානියාගෙන් එල්ල කරන බවයි

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ හිරු රූපවාහිනී ආයතනයේ මලින්ද තිරිමාන්න, සාරංග පතිරන, තිලිණි නදීශා, තරංඟ වික්‍රමාදර යන අයවලුන්ද ඉවත් වීමට නියමිතයි.

No comments

Powered by Blogger.