උතුරු කොරියානු නායක කිම් ජොං අන් අයහපත් සෞඛ්‍ය තත්වයක


 උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ සෞඛ්‍ය තත්ත්වය අනතුරුදායකවී ඇති බව ඇමරිකානු ඔත්තු සේවා පවසනවා.

පසුගිය 15 වනදා පැවති උතුරු කොරියාවේ නිර්මාතෘ මෙන්ම සිය මුත්තනුවන් වන කිම් ඉල් සුං ගේ ජන්ම දින සැමරුම් උත්සවයටද ඔහු සහභාගිවූයේ නැහැ.

එයට උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහභාගි නොවීම ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ සැකයක් මතුකරන බවයි ඇමරිකානු ප්‍රවෘත්ති සේවා වාර්තා කළේ.

දකුණු කොරියානු මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි කිම් ජොං අන් හදවත් ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර, ඉන් බොහෝදුරට සුවය ලබා තිබෙනවා.

ඒ අනුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සැක පළ කිරීම යෝග්‍ය නොවන බවයි දකුණු කොරියානු ජාතිය ඒකාබද්ධ කිරීමේ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ද උතුරු කොරියාව සැමරුම් උත්සව සීමා කර ඇති බව සඳහන්.

No comments

Powered by Blogger.