කොරෝනා වෛරස වැළඳුනු අයෙකුට නැවත නැවතත් වැළඳිය හැකිී බවට තහවුරු වෙයි


නව කොරෝනා වෛරසයෙන් වැළඳෙන කෝවිඩ් 19 රෝගය එක්වරකට වඩා ආසාදනය විය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ (Vaccinology) මහාචාර්ය සේරා ගිල්බට් (Professor Sarah Gilbert) පවසනවා.

ඇය බීබීසී රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ රෝගය වැළදීමෙන් ශරීරය තුළ ඇතිවන ප්‍රතිශක්තියට වඩා වැඩි කාලයක් එන්නතක් මගින් ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වනු ඇති බවයි.

මේ අතර ෆේස්බුක් ජාලයේ සටහනක් තබන ලන්ඩන් නුවර වෙසෙන අනුර කළුබෝවිල පවසන්නේ තමන්ට දෙවෙනි වරටත් කෝවිඩ් 19 ආසාදනය වී ඇති බවට හෝ සති තුනකට ආසන්න කාලයක් රෝගය සිරුර තුළ පවතින බව පරීක්ෂණවලින් සනාථ වී තිබෙන බවයි.

සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යයේ රෝග ලක්ෂණ පළකරන සියලු දෙනා පරීක්ෂාවට ලක් නොකෙරුණද, බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ රැකියාවේ නිරතව සිටින බැවින් දෙවතාවක්ම පරීක්ෂාවට ලක්වීමට ඔහුට අවස්ථාව හිමි වී තිබෙනවා.


“මා සති දෙකක නීරෝධායනයෙන් පසු පහුගිය සතිය නිවසේ සිට වැඩකලෙමි. Guidelines follow කර මම වැඩට ගියේ නම් බොහෝ දෙනෙකුට වෛරසය ලබා දීමට ඉඩ තිබිණි. දැන් හතරවන සතිය පටන්ගෙන ඇත. අදහාගනීමටත් බැරිලෙස වෛරසය තාමත් මා තුලය. බොහෝ Covid Management Guidelines සහ ගනු ලබන ක්‍රියාමාර්ගයන් පලරහිත බවට මීටත් වඩා කුමන උදාහරණද?,” යනුවෙන් ද අනුර කළුබෝවිල සිය සටහනේ දක්වා තිබෙනවා එම සටහන පහතින්.

No comments

Powered by Blogger.