ඇඳිරිනීතිය පනවා තිබියදී හිරු නාලිකාව අවුරුදු උත්සවයක් රූගත කරලා මාට්ටු ! (VIDEO)



මේ වනවිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර කිසිදු හේතුවක් නිසා පුද්ගලයින් රැස්වීම රජය විසින් තහනම් කර තිබේ. ඒ ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය මෙරට තුළ පැතිරීම වැළක්වීමේ පියවරක් වශයෙනි.
එහෙත් මෙම නියෝග නොතකා හිරු නාලිකාව විසින් අද දිනයේ තලවතුගොඩ අවුරුදු උත්සවයක් රූගත කිරීම අරඹා තිබේ. පුද්ගලයන් 120ක පමණ සහභාගීත්වයෙන් සිදුවන මෙම රූගත කිරීම නැවත්වීමට පොලිසිය මේ වනතෙක් කිසිදු පියවරක් ගෙන නැත.
හිරු නාලිකාව යනු දුමින්ද සිල්වාගේ සොහොයුරා වන රෙනෝ ද සිල්වාගේ මාධ්‍ය ජාලයට අයත් මාධ්‍ය ආයතනයකි. වත්මන් රජයට බලයට පත්වීමට සහයෝගය දැක්වීම නිසා හිරු නාලිකාව සිදු කරන නීති කඩ කිරීම් පිළිබඳව කිසිදු නීතිමය පියවරක් ගැනීමට රජය විසින් පොලිස් දෙපාර්තමේන්තුවට ඉඩ ලබාදෙන්නේ නැත.
මේ හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිස් නිලධාරීන්ද අපහසුතාවට පත්වන තත්වයක් උද්ගතව තිබේ.
කොරෝනා වෛරසය යනු බලවතුන්ගෙන් ව්‍යාප්ත නොවන සාමාන්‍ය ජනතාවගෙන් පමණක් ව්‍යාප්ත වන වෛරසයක් නොවේ. එයා චාල්ස් කුමාරයාටත්, ඉන්දියාවේ මුඩුක්කු වැසියාටත් එක හා සමාන ලෙස බලපෑම් කර තිබේ.
අවුරුදු උත්සව වැනිදා වලට හෝ මෙලෙස ජනතාව නළු නිලියන් හා නිරූපණ ශිල්පීන් සිය ගණනක් රැස් කිරීමද වෛරසය ව්‍යාප්ත වීමට හේතුවක් බව මෙම මන්දබුද්ධික නාලිකාවේ කළමනාකාරීත්වයට නොවැටහෙන්නේ ඇයිදැයි යන්න ගැටලුවකි.

No comments

Powered by Blogger.