time

ජන බල පක්ෂය විසින් ඉදිරිපත් කළ පෙත්සම ජුනි මස 09 වනදා කැඳවන වීමට නියෝග කරයි


මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් තම පක්ෂය බාර දුන්නා නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද අපේක්ෂකත්වය දරන අපේ ජන බල පක්ෂය විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 09 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද එල් .ටී .බී .දෙහිදෙණිය ,ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ය සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 09 වනදා කැඳවන ලෙස විනිසුරුවරුන් නියම කලා.

අපේ ජන බල පක්ෂය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු අපේක්ෂකයින් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නලින් අබේසේකර සරත් මහාචාර්ය රත්නජීවන් හූල් මෙන්ම  කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ද නම් කර තිබේ.

 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති  එම පෙත්සමෙන් සඳහන් කර තිබෙන්නේ  අපේ ජනබල පක්ෂය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ අන්තර්ගත දිවුරුම් පෙත්සමක තින දෝෂයක් පෙන්වා දෙමින් එය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා කටයුතු කළ බවයි.

එහෙත් මැතිවරණ නීතියට අනුව ක්‍රියාකාරී නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරීන්ට බලයක් නොමැති බවයි පෙත්සමෙන් සඳහන් වන්නේ.

මේ හේතුවෙන්නා තම මයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට ුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අදාළ පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

ඊට අමතරව පෙත්සම විභාගය අවසන් වන තුරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳහා මහ මැතිවරණයක් පැවැත්වීම අත්හිටුවීමේ හතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි ‍රතික්ෂේප කළ සිය නාමයෝජනා පත්‍රය යළි බර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පක්ෂය සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

No comments

Powered by Blogger.