කොරෝනා අස්සේ කොරියාවේ රැකියා සදහා ශ්‍රමිකයින් 160 මත්තලින් කොරියාව බලා යයි


 කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ තාවකාලිකව අනතරාකාර තිබු මෙරටින් විදේශ රැකියා  සදහා පිටත්වීම නැවත ආරම්බ කරමින් කොරියා රැකියා ලාබින් 160 දෙනෙකු මත්තල මහින්ද රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ගුවන්තොයුපොලින්  කොරියාවේ සෝල් නුවර බලා  පිටත්විම පසුගිය 26 වනදා රාත්‍රී සිදුකරන ලදී

   මෙම පිරිස මියන්මර් ගුවන් සේවයට අයත් MAI  8M801 දරන ගුවන් යානයෙන් පිටත්ව ගිය අතර මත්තල මහින්ද රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ගුවන්තොයුපොලින්දකුණු කොරියාවේ සෝල් නුවරබබලා පිටත්ව ගිය පළමු ගුවන්යානයද වේ .

 මෙසේ පිටත්ව ගිය පිරිස කොරියාවේ රැකියාවන්හි නිරතව සිට නිවාඩු පිට පසුගිය මාර්තු මස 10වනදාට පෙර   ශ්‍රීලංකාවට පැමිණි  පිරිසක් වන අතර එමෙන්ම කොරියාවට ගිය පසු එහි දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතුබවට සහතිකයක් එරටින් ලබා ගත් ශ්‍රමිකයින්ට පමණක් කොරෝයාවට ඇතුළු වීමට අවසර ලබා දී තිබේ .

  එමෙන්ම මෙම කටයුතු ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මග පෙන්වීම පරිදි කොරියාවේ E9 සංචාරක ආයතනය හා මෙරට පැරඩයිස් සංචාරක ආයතනය එක්ව මියන්මාර් ගුවන්යානය මෙම ගුවන්ගමන් සදහා ලබාගැනීමට සම්බන්ධිකරණ කටයුතු කර තිබේ .

 මෙම අවස්ථවට එක්වෙමින් මාධ්‍යට අදහස් දැක්වූ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා

  '' කොරෝන වෛසය නිසා විදෙස් ගමන් අඩපනව තිබු අවස්ථවක පළමු වතාවට  ලංකාවෙන් ශ්‍රමිකයින් 160 දෙනෙකු කොරියාවට පිටත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා .එමෙන්ම ඉදිරියේදී කොරියාවේ සිට ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා ඒ අයටත් ඒ වගේම ඒ අය ගෙන්වල මෙහෙන් තව කණ්ඩායමකුත් යවන්න අපි බලාපොරෝත්තු වෙනවා එමෙන්ම කොරියානු රැකියා සදහා තෝරාගනු ලබන එම විභාග කටයුතු සදහා තවම කොරෝයව සුදානම් නොමැතිබවත් ඔවුන් එය පැවැත්වීමට කැමැත්ත පල කල වහාම එම විභාගය පවත්වන බවද සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.

 එමෙන්ම මෙම මත්තල ගුවන්තොටුපොළ භාවිතා කරනුලබන මගින් සදහා මෙම ගුවන්තොටුපොළ අවුරුදු දෙකක කාලයක් ගුවනතොටුපොල මගින් පනවන බද්දෙන් වසර දෙකක කාලයක් නිදහස් කිරීමට අදාල දේශපාලන අධිකාරියේ සියලුදෙනාත් ගුවන්තොටුපොළ බලධාරිනුත් එකතුවෙලා තීරණයක් ගෙන තිබෙනවා එමෙන්ම ගුවනතොටුපොලට ගොඩබස්වීමේ  ගාස්තුව හා නවත්වා තබා ගැනීමේ ගාස්තුව වසර දෙකක කාලයක් නිදහස් කිරීමට තීරණය කර තිබෙන බව මත්තල ගුවන්තොටුපොළ කළමනාකරු උපුල් කලන්සූරිය මහතා මෙහිදී කියා සිටියේය .මෙතුලින් විශාල ගුවන් සේවා ප්‍රමානයක් මත්තලට සම්බන්ධ කරගැනීම ගුවනසේව අධ්‍යක්ෂක මණ්ඩලයේ අරමුණ බවයි ඔහු කියා සිටියේ ,

No comments

Powered by Blogger.