වාරියපොල නාවික හමුදා සෙබලෙකුගේ පියාට සහ සොයුරෙකුට පහර දුන්නායැයි පැවසෙන පුද්ගලයින් සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරයි



වාරියපොල නෑටිය ප්‍රදේශයේ දී නාවික හමුදා සෙබලෙකුගේ පියාට සහ සොයුරෙකුට පහර දුන් බව කියන පුද්ගලයින් සිව් දෙනෙකු අද උදෑසන නීතීඥයෙකු මාර්ගයෙන් වාරියපොල පොලිසියට ඉදිරිපත් වූ අතර ඔවුන් වාරියපොල දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් දර්ශණ ද සිල්වා මහතා වෙත ඉදිරිපත් කරන ලදී.

මහේස්ත්‍රාත්වරයා විසින් මෙම පුද්ගලයින් සිව් දෙනා හෙට (06) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කල අතර හෙට දිනයේ ඔවුන් හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියම කලේය . මෙම සිද්ධියට අදාළව මීට පෙර රක්ෂිත බාරයට පත් කල සිටි පුද්ගලයෙකු ද හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නාවික සෙබලාගේ ඥාතින්ට පහරදුන් බව කියන පිරිස අතර වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් නිලධාරියෙකු ද වේ. මෙම සැකකරුවන් දින පහක් තිස්සේ පොලිසිය මගහරිමින් සිටි අතර ඔවුන් අත් අඩංගුවට ගැනීම  සදහා වාරියපොල පොලිසියේ සහ කුරුණෑගල කොට්ටාශයේ පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා තිබිණ. 

යාපනය ප්‍රදේශයේ නාවික කදවුරක සේවය කරන නාවික සෙබලෙකුගේ පියා සහ සොයුරා එම සෙබලාගේ බිරිද සහ වසරක් වයසැති කුඩා දරුවා වෙසෙන වාරියපොල නෑටිය නිවසට පැමිණි අවස්ථාවකදී කොරෝනා බෝ කිරීමට පැමිණි බවට චෝදනා කරමින් ඔවුන්ට පහරදුන් බවට වාරියපොල පොලිසියට පැමිණිලි කර තිබිණ.

පහර කෑමට ලක්වූ නාවික සෙබලාගේ පියා සහ සොයුරා ගනේවත්ත තඹගල්ල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකි.

No comments

Powered by Blogger.