මහර බන්ධනාගාරයෙන් පැනයාමට උත්සහ කළ රැඳවියක් ජීවිතක්ෂයට


අද අලුයම 3.30ට පමණ මහර බන්ධනාගාරයෙන් මත්ද්‍රව්‍ය වලට අදාලව බන්ධනාගාරගත කර ඇති සිරකරුවන් 09 දෙනෙකු ලණු හා ඇද ඇතිරිලි ආධාරයෙන් බන්ධනාගාරයේ ප්‍රධාන තාප්පයෙන් පැන යාමට උත්සහා කර බෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ එම අවස්ථාවේදී  එක් සැකකරුවෙකු තාප්පයෙන් වැටි අසල තිබූ ගලත හස වැදී මිය ගොස් ඇති බවයි.  අනෙක් සිරකරුවන් 08 නැවත සිරගත කර ඇත. මියගොස් ඇත්තේ ඉහල කරගහමුල කඩවත පදිංචිවයස 27ක පුද්ගලයෙක්.

කෙසේ වෙතත් රැඳවියන් පලා යාම නැවැත්වීමට ගිය බන්ධනාගාර නිලධාරින් 02කු ද තුවාල ලබා  රාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

No comments

Powered by Blogger.