අකුරැස්ස ප්‍රාදේශිය සභවේ සභාපතිවරයා වරද පිලිගනී අධිකරණයෙන් දඩ නියම කරයි.



ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව සහ නිරෝධාන පනතට සහයෝග නොදක්වා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු පස් දෙනෙකු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ (06) දින වරද පිලිගත් නිසා එක් සැකකරුවෙකුට රු 1600/= බැගින් දඩ මුදලක් ගෙවා නිදහස් කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා (06) දින නියෝග කළා.


අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු එම ප්‍රාදේශිය සභාවේ සේවකයින් සිව්දෙනෙකු ඉකුත් 3 දින අකුරැස්ස සිට  හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය දක්වා එම නගර සභාවේ ලොරි රථයකින් පැමිණෙන අවස්තාවේ මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන එදිනම මස්කෙලිය පොලිසිය විසින් සැකකරුවන් පස් දෙනාට (06) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස දැනුම් දෙමින් පොලිස් ඇප මත මුදා හැර තිබුණි.

සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ අකරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට එම දඩ මුදල රජයේ ගාස්තුවක් වශයෙන් ගෙවිමට නියෝගයක් නිකුත් කරන ලෙසත් මස්කෙලිය පොලිස් භාරයේ තිබෙන අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ වාහනය මුදා හරින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එම ඉල්ලිම සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සභාපතිවරයාගේ දඩ මුදල රජයේ ගාස්තුවක් වශයෙන් ගෙවිමටත් මස්කෙලිය පොලිස් භාරයේ තිබෙන ප්‍රාදේශිය සභාවේ ලොරි රථය මුදා හැරිමට නියෝග කළා.

දඩ මුදල ගෙවිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක් වු අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කියා සිටියේ පලාත් පාලන ආයතන වල වාහන වල ගමන් කිරිමේදි ඇදිරි නිති බලපත්‍ර පරික්ෂා නොකරන නිසා තමන් ශ්‍රි පාද වන්දනාපවේ පැමිණිමට ඇදිරි නිති බලපත්‍රයක් ලබා නොගත් බවයි.

තමන් මේ වන විට ශ්‍රි පාද වන්දනාවේ 68 වතාවක් පැමිණ ඇති බවත්, ශ්‍රි පාද වන්දනා සමය අවසන් විමට ප්‍රථම ශ්‍රි පාදස්ථානය වැද පුදාගෙන ආපසු අකුරැස්ස සදහා යනවිට අඩු මිලට එලවළු රැගෙන යාමේ අධිඨනින් තමන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණි බවයි.

















No comments

Powered by Blogger.