දඹුල්ල බස් නැවතුම්පොලේ දී යුද හමුදා සෙබළෙකු එක වරම ඇදවැටී මිය යයි



දඹුල්ල බස් නැවතුම්පොලේදී යුද හමුදා සෙබළෙකු එක වරම පාරට ඇදවැටී මිය ගොස් තිබෙනවා.

දඹුල්ල බස් නැවතුම්පොළ පිහිටි පොදු වැසිකිලියට මෙම යුද හමුදා සෙබලා ගොස් නැවත එළියට පැමිණ එහි භාරකරුට මුදල් ලබාදෙන වත් සමග එක වැරම ඇද වැටුණු බවයි එහි සිටි වැසිකිළියේ සේවකයෙකු කියා සිටියේ.

අනතුරුව එම සථානයේ සිටි තරුණයන් පිරිසක් පැමිණ ත්‍රීරෝද රථයකින් දඹුල්ල රෝහලට වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති අයෙකු බවයි හෙළි වී ඇත්තේ.

මියයාමට හේතුව සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.





No comments

Powered by Blogger.