හිරු නැටූ "සයිබර් ඇටෑක්" නාඩගම තුර්කියේ වැඩක් සියලු තොරතුරු හෙළිවේ!




රෙනෝ සිල්වාට අයත් හිරු මාධ්‍ය ජාලයේ වෙබ් අඩවියකට ඊයේ(18) දිනයේ තමිල් ඊළාම් සයිබර් බලකාය හෙවත් කොටි සංවිධානයේ සයිබර් අංශය වෙතින් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් හමුදාපතිවරයාද මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කිරීම විශේෂත්වයකි.



නමුත් මෙම ප්‍රහාරයේ වගතුග සොයා බැලීමේදී මේ සයිබර් ප්‍රහාරය හිරු නාලිකාවේ තවත් එක් මෙගා නාටකයක් බවට තොරතුරු හෙළිවී ඇත.

හිරු මාධ්‍ය ජාලයේ වෙබ් අඩෙවි සදහා ශ්‍රී ලාංකික පරිශීලකයින් පැමිනීම අඩු නිසා තුර්කියේ පිහිටි click farm හෙවත් කෘතීම පරිශීලක ප්‍රවර්ධන සමාගමක සේවය දිගින් දිගටම ලබාගෙන ඇත. ඊයේ දිනයේ සිදුවූ හදිසි සයිබර් ප්‍රහාරය සිදුවී ඇත්තේද් තුර්කියේ පිහිටි මෙම සමාගමේ පරිඝනකයකින් වීම විශේෂත්වයකි.

එක්කෝ එල්.ටී.ටී. ඊ සංවිධානය තුර්කිය යටත් කරගෙන ඇති අතර නැත්නම් තුර්කි සමාගමට රෙනෝ සිල්වා විසින් මුදල් ගෙවා මෙම ප්‍රහාරය සිදුකරගෙන ඉන් විශාල ප්‍රසිද්ධියක් ලබාගෙන තිබේ.

තමිල් ඊළාම් සයිබර් බලකාය රජයේ වෙබ් අඩෙවි කිහිපයකට ප්‍රහාර එල්ල කල අතර ඔවුන් පෞද්ගලික නාලිකා වෙබ් අඩෙවි වලට ප්‍රහාර එල්ල කොට නැත. 


මේ වනවිට හිරු මාධ්‍ය ජාලයේ ප්‍රධානියෙකු විසින් ඊළාම් සයිබර් බලකායට අල්ලස් ගෙවා ඔවුන් සිය වෙබ් අඩවිය හැක් කල බවට නිල වශයෙන් නිවේදනය කරවා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බව අනාවරණය වී තිබේ.

තමන්ට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් විජයග්‍රහණයේ දිනයට වඩා ප්‍රසිද්ධියක් සහ මාධ්‍ය අවකාශයක් ලබාදීමට හිරු නාලිකාව ඊයේ කටයුතු කරන ලදි.

No comments

Powered by Blogger.