එක්සත් ජාතික පක්ෂය අගමැතිගේ රැස්වීම වර්ජනය කරයි




අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනය ප්‍රතික්ෂේප කරමින් හෙට දිනයේදී අරලියගහ මන්දිරයේ  පැවැත්වීමට නියමිත් පාර්ලිමේන්තු මන්ත්‍රී හමුව වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට තිබේ.

එක්සත් ජාතික පක්ෂය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබේ.

එම පක්ෂය මින් පෙරදී මෙම හමුවට සහභාගී වීමට තීරණය කර තිබුනද, රාජපක්ෂ රෙජීමය විසින් පක්ෂ දේශපාලන ක්‍රීඩාවක නියැලෙන බැවින් මෙම හමුව වර්ජනය කරන බව විශේෂ නිවේදනයේ සදහන් කොට තිබේ.

කොවිඩ් වසංගතය හමුවේ සියලු දෙනා ජාතියක් වශයෙන් එක්විය යුතු අවස්ථාවකදී එසේ දේශපාලන ක්‍රීඩාවක නියැලීම සම්බන්ධයෙන් එම නිවේදනයේ දැඩිව විවේචනය කර තිබීම විශේෂත්වයකි.

මෙම හමුව සදහා සමඟි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බවට මින් පෙරදී නිවේදනය කරන ලද අතර දෙමළ ජාතික සංධානය සහභාගී වීමට තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කල නිවේදනය පහතින් දැක්වේ.

No comments

Powered by Blogger.