සල්ලි නැති නිසා ආණ්ඩුව "MCC ගිවිසුම" අත්සන් කරන්න සූදානම් වෙයි !

පසුගියදා පැවති ජනතා විමුක්ති පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මාධ්‍යහමු වලදී MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයේ මතය පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටි නමුත් කැබිනට් මාධ්‍ය හමුවේදී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කලා.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී MCC ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව විශාල ජනමතයක් නිර්මාණය වූ අතර ඉන් පැවති රජය දැඩි අපහසුතාවයකට පත් විය. වත්මන් රජය පත්වූ වහාම මෙම ගිවිසුම සම්බන්ධයෙන් කොමිසමක් පත්කල අතර එහි වාර්තාව අනුව මෙම ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කලා.
නමුත් එම තීරණය මාධ්‍ය මගින් විකාශය කලද ඇමරිකා එක්සත් ජනපදයට දැනුම්දී නොමැති බවයි වාර්තා වන්නේ.
Leave a Comment