ජාතික රෝහලේ මුදල් මංකොල්ලය වැලකූ බුද්ධි නිලධාරියා ඩිපෙන්ඩර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් මරුට
කොළඹ ජාතික රෝහලේ පසුගිය 09 වන දින සිදුවූ රුපියල් ලක්ෂ 79 ක මුදල් මංකොල්ලය දක්ෂ ලෙස වලක්වා සැකකරු හා මුදල් අත්අඩංගුවට ගැනීමට ක්රියා කල රාජ්ය බුද්ධි සේවයට අනුයුක්තව කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙක් රිය අනතුරකින් මිය ගොස් ඇත.
රාජ්ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරී නිරතව සිටි පොලිස් කොස්තාපල් සිතුම් අලහප්පෙරුම නිලධාරියා පසුගියදා (11) රාත්රියේ බම්බලපිටිය හැව්ලොක් මාර්ගයේ සම්බුද්ධ ජයන්ති මන්දිරය අසලදී ඩිපෙන්ඩර් රථයක් ගැටී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලැබීය.
අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියදී අද (14) අළුයම ඔහු මියගොස් ඇත.
මෙම නිලධාරියා වයස අවුරුදු 22ක් වූ පොලොන්නරුව ප්රදේශයේ පදිංචි අයෙකි.
YOU BLADY POLITICIAN.WHAT THIS MAN SAYS
ReplyDeleteNO ONE CAN TRUST IT.HE IS A POLITICIAN IN SRI LANKA.