විදේශිය වන්දනාකරුවන්ට හජ් වන්දනාව හජ් වන්දනාව හජ් තහනම් කරයි


නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදේශිය වන්දනාකරුවන්ට තහනම් කිරිමට සෞදි අරාබි රජය තීරණය කර තිබෙනවා.

එරට වෙසෙන විදේශිකයින් සීමිත සංඛ්‍යාවකට පමණක් මෙවර හජ් වන්දනාව සඳහා අවසරය හිමිවන බවයි එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර සිටියේ.

නමුත් අවසරය හිමිවන්නේ කොපමණ සංඛ්‍යාවකට ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

වාර්ෂිකව පැවැත්වෙන හජ් වන්දනාව සඳහා මක්කමට සහ මදිනාවට මිලියන 02 කට ආසන්න බැතිමතුන් පිරිසක් පැමිණෙනවා.

No comments

Powered by Blogger.