චීන තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට තිබූ උද්ගෝශණයට වාරණ නියෝගයක්


පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය චීන තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට සැළසුම් කර තිබූ විරෝධතාව අත්හිටුවමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, නිරෝධායන පනත උල්ලංඝනය වන බව පවසමින් කුරුඳුවත්ත පොලීසිය, අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුවයි.

ලොව පුරා කොරෝනා ව්‍යාප්තියට චීනය වගකිව යුතු බව පවසමින් එම විරෝධතාව පැවැත්වීමට සැළසුම් කර තිබූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ කියාසිටියා.

No comments

Powered by Blogger.