සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ධූරයෙට බුද්ධික පතිරණ



සමගි ජන බලවේගය පක්ෂයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ධූරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට ලබා දීම අද (11) සිදුකෙරුණි.

සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු විය.

සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායකවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා පසුගියදා මැතිවරණ කටයුතු වලින් ඉවත් වීමට ගත් තීරණයත් සමඟම මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ධූරය පුරප්පාඩු වුණි.

නව තනතුර පිළිගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මාතර දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දීමට තමා සූදානම් බව බුද්ධික පතිරණ මහතා ප්‍රකාශ කළේය.

අපි ආපු වාහනේ නතර කරා දහ දෙනෙක් විතර වට කළා මාව ඇදලා ගත්තා ගැහුවා මෙයාටත් ගැහුවා
 සුනිල් ජයවර්ධනට මොකද උනේ පහර කෑමට ලක්වූ තවත් කෙනෙක්

No comments

Powered by Blogger.