හූල්ගේ පැටිකිරිය මගේ ළඟ තියෙනවා - ඇමති ඩග්ලස් දේවානන්දා


මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය හූල් අතීතයේදී මීට වඩා බරපතල ප්‍රකාශ සිදු කළ අයකු බවත් ඔහුගේ එම ප්‍රකාශයන් තමන් සතුව ඇති බවත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා මහතා 2020.06.09 වන දින වවුනියාවේ දී පැවසීය.

වවුනියාවේ සංවර්ධන කටයුතු කිහිපයක් නිරීක්ෂණය කිරීම සදහා අමාත්‍යවරයා සහභාගී වු අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරන ලදි. ඡන්දය ප්‍රකාශය කිරීමේ නීතිරීති පිළිබදව හැරෙන්නට වෙනත් කිසිම ආකාරයනකට සෘජුව හෝ වක්‍රව ඡන්දය භාවිතා කළ යුතු අන්දම  පිළිබදව ප්‍රකාශ ලබාදීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට බලයක් නොමැති බව කී ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා හුල් මහතා කුමක් ප්‍රකාශ කල ද පොහොට්ටුවේ ජයග්‍රහණය වැලැක්වීමට කිසිවෙකුටවත් නොහැකි බවද මෙහිදී පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා විසින් ගෙන යන ක්‍රියාදාමයන් දෙස බලන විට ජනතාව සිටින්නේ ඔහු සමග නිසා දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ හා ගැටළු වලට යම් විසදුමක් ලබා ගැනීමට හැකිවන්නේද පොහොට්ටුවේ එම පාලනයෙන් බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

උතුරේ දෙමළ ජනතාවගේ ඡන්දය දිනා ගැනීමට දෙමළ ජනතාවගේ ඡන්දය දිනාගැනීමට දෙමළ ජාතික සන්ධානය තමන්ගේ දේශපාලන කටයුතුවලදී දේශපාලන සිරකරුවන් පිළිබදව හා යුධ සමයේදී  අතුරුදන් වුවන් පිළිබදව කතා කළත් අගමැතිවරයා මේ සම්බන්ධයෙන් තමන්ගෙන් විස්තර හා ලැයිස්තුවක් ලබා ගෙන ඇති බවද පැවසීය.

No comments

Powered by Blogger.