යාල ජාතික වනෝද්‍යානය තුළ වෙඩි හුවමාරුවක්



යාල ජාතික වනෝද්‍යානය තුළ ගංජා වගා කරන පිරිසක් සහ  වනජීවී නිලධාරීන් අතර සිදුවු වෙඩි ප්‍රහාරයෙන් එක් සැකකරුවෙකුට තුවාල සිදු වී තිබෙනවා.

  යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙක උඩ පොත්තන ප්‍රදේශයේ දී යාල ජාතික වනෝද්‍යානය වනජීවී නිලධාරීන් සහ  ගංජා හේන් වගා කරුවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කරල බව යාල උද්‍යාන භාර මනෝජ් විද්‍යාරත්න මහතා සඳහන් කළේය. තුවාල ලැබූ සැක කරු හම්බන්තොට මහ රෝහලේ  වනජීවී භාරයේ ප්‍රතිකාර ලබමින් අතර ඔහුගේ පාදය ප්‍රදේශයට වෙඩි පහරක් එල්ල වි ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළහ   .

  ගංජා හේනක් සඳහා දැඩි රක්ෂිත ප්‍රදේශයේ හෙළි පෙහෙළි  කරමින් සිටි අවස්ථාවේ  වනජීවී නිලධාරීන් 12 කින් සමන්විත  කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පලා යාමට උත්සාහ කර ඇති අතර  ඔවුන් පසු පස ලුහුබඳින අවස්ථාවේදී එක් සැකකරුවෙකු විසින් වනජීවී නිලධාරීන්ට මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තැබීම හේතුවෙන් ඔහුව පාලනය කිරීම සඳහා වනජීවී නිලධාරීහු විසින් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.

 පසුව සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලද සැකකරු  හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත .යාල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන මීට අමතරව සැකකරුවන් සන් සන්තකයේ තිබී ගිනි අවි සඳහා භාවිතා කරන ඊයම් බෝල සහ කැට 13ක් ද ගංජා ග්‍රෑම් දෙසීයක් වෙඩි බෙහෙත්  හා ජංගම දුරකථන දෙකක් ඇතුළු  භාණ්ඩ කීපයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. සැක කරුවන් සහ නඩු භාණ්ඩ  අද දින තිස්සමහාරාම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

  අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම  බෙරලිහෙල කොහොඹ ගහ පැලැස්ස  ප්‍රදේශයේ පදිංචි වයස  37 ත්39 අතර පසුවන්නන් බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.  වෙඩි වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන වයස අවුරුදු 35ක් වන දහනායක ගමගේ අසේත කුමාර තිස්සමහාරාම පුබුදු ගම  ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .

No comments

Powered by Blogger.