කැලණිය විශ්ව විද්‍යාලයේ CCTV ගැලෙව්ව සිසුන් 09 දෙනෙකු අත්අඩංගුවට

ඉකුත් පෙබරවාරි මස 24 වෙනිදා කැලණිය විශ්ව විද්‍යාලයේ ආරක්ෂාවට සහ සිසුන්ගේ ආරක්ෂාව සඳහා සවිකර තිබු ආරක්ෂක කැමරා (CCTV) පද්ධතිය ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සරසවියේ සිසුන් 09 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22,23 හා 25 යන වයස්වල පසුවන සිසුන් වන අතර ඔවුන්ව අද දිනයේදී මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

No comments

Powered by Blogger.