සාක්කුවේ දමා සිටි ජංගම දුරකථනයට අකුණු සැර වැදීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)


බුත්තල පොලිස් බල ප්‍රදේශයේ ඌව පැල්වත්ත හයේ කනුව කුඹුරු යාය ආසන්නයේ දී අකුණු සැර වැදීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

ඊයේ පස්වරුවේ දී ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාපතනය අවස්ථාවේ දී මේ අවාසනාවන්ත සිදුවීම සිදු වී ඇත.
කුඹුරු යායේ ගොයම් කපමින් සිටි මවක් සහ පුතෙකු වර්ෂාපතනය ලැබීම නිසා නොතෙමී සිටින්නට තේක්ක ගසක් යටට ගොස් තිබේ.

එහිදී එක් වරම අකුණක් වැදී ඇති අතර එය තරුණයාගේ සාක්කුවේ තිබූ ජංගම දුරකථනයට වැදී ඇත.

ඒත් සමගම ඔහු ඇද වැටී ඇති අතර පසුව එම තරුණයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කර තිබේ.
රෝහලට ඇතුළුත් කරන විටත් තරුණයා මියගොස් සිටි බව වැල්ලවාය රෝහලේ ප්‍රකාශයක් පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ පස්සර පාර,ඌව පැල්වත්ත,බුත්තල ලිපිනයේ පදිංචි වයස අවුරුදු විසිපහක් වන එම්.ජී දිමුතු චතුරංග නැමැති අව්වාහක තරුණයෙකි.

ඔහු ලබන මස විවාහ වීමට සිට ඇති අතර ඔහුගේ ජංගම දුරකථනයට අකුණු සැර වැදිම නිසා එම ජංගම දුරකථනයද විනාශ වී ඇත.
මල සිරුර වැල්ලවාය මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරන පරීක්ෂණය අද (10) සිදු කිරීමට නියමිතය.








No comments

Powered by Blogger.