කින්නියා ප්‍රදේශයේදි පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට


පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කින්නියා අල් අක්සා පාසල පාර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය විෂ මත්ද්‍රව්‍ය  ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ අත්අඩංගුවට ගත් මොහු ලඟ තිබී පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 201 යි මිලිග්‍රෑම් 400 ක්, විද්‍යුත්  නොවන ඩෙටනේටර් 4 ක් සහ සේවා නූල් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

 42 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කින්නියා පොලීසිය වෙත භාරදී තිබෙනවා.

No comments

Powered by Blogger.