Covid-19 පාලනයට අදාළ සියලු රාජකාරි වලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කරයි


අද(17) දහවල් 12.30 සිට Covid-19 පාලනයට අදාළ සියලු රාජකාරි වලින් ඉවත් වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

 ඊයේ දිනයේ සෞඛ්‍ය ඇමති තුමිය විසින් සුදු කළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම තීරණය ගත්  බවයි එම සංගමයේ ලේඛම් මහින්ද බාලසූරිය කියා සිටියේ.

කොවිඩ් 19 පාලනය සම්බන්ධයෙන් තම රාජකාරී කටයුතු මහජනතාවට පීඩාවන අයුරින් කටයුතු කර ඇති බව පවසමින් සෞඛ්‍ය ඇමති තුමිය විසින් සෙඛ්‍ය මාර්ග උපදේශණ ගැසට් පත්‍රයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ බලය නැති කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම මේ පිළිබඳව සෞඛ්‍ය ඇමති තුමිය විසින් ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාහයක් කර තිබීම තමා කණගාටු වන බවද ඔහු ප්‍රකාශ  කර සිටියා

No comments

Powered by Blogger.