පණු උවදුරකින් හම්බන්තොට පල්ලේමළලේ ගොයම් අක්කර 200ක් විනාශයි

 හම්බන්තොට පල්ලේමළල ප්‍රදේශයේ කිරිපට්ටිය යාය හා කොක්කාර යාය  යන කුඹුරු යායන් හි කුඹුරු අක්කර 250 පනහකට පමණ වලදී ඇති පණු උවදුරක් හේතුවෙන් මේ වන විට කුඹුරු යායේ අක්කර 250 කට පමණ හානි පැමිණ විනාශ වෙමින් පවතින බව ප්‍රදේශයේ ගොවියෝ කියා සිටිති.


 මෙම පණු උවදුර හේතුවෙන් ගොයම්ගසේ  කඳේ සිටින පනුවෙකු විසින් ගොයම්ගසට හානි සිදුකිරීම හේතුවෙන්  මේ වනවිට අස්වනු නෙලීමට ආසන්නයේ පවතින මෙම කුඹුරු යායේ ගොයම විනාශ වී ඇතිබව ගොවියෝ පෙන්වා දෙති.


 මෙම උවදුර සම්බන්ධයෙන් කෘෂි නිලධාරීන් දැනුවත් කරනු ලැබුවත් ගොයම විනාශ වී ඇති නිසා සිදුකල හැක්කක් නොමැතිබවත්  මෙවැනි උවදුරකට කිසිදු ආකාරයේ වන්දි ගෙවීමක් සිදුකිරීමට හැකියාවක් නොමැතිබව ඔවුන් පැවසු බව ප්‍රදේශයේ ගොවියෝ කියා සිටි.


 තමන් නයමුදල් මෙන්ම රන් බාන්ඩ උකස්කර ගත් මුදල් වලින් මෙම ගොයම අස්වැද්දුවත් මේ වනවිට තමන්හට එම නය මුදලවත් ගෙවා ගැනීමට හැකියාවක් මෙන්ම ගොවින්ලෙස  තමන්ට ආහාරයට ගැනීමට වී ඇටයක්වත් ලබා ගැනීමට නොහැකි තත්වයක්  මෙම පණු උවදුර නිසා සිදුව ඇතිබව ගොවියෝ පවසති.


ප්‍රදේශයේ ගොවි මහතෙකු වන දනුෂ්ක ප්‍රියන්ත මහතා


 ,කිරිපට්ටි යාය සහ කොක්කාරය යාය  දෙකේම කුඹුරු අක්කර 250 ක් විතර තියෙනවා ඒ වගේම ගොවි පවුල් 120 කට අදික ප්‍රමානයක් මේ ප්‍රද්ශයේ ජිවත් වෙනවා මේ ගොයමේ හොදට තිබුනා නමුත් නමුත් ගොයම පුදින්න පටන් ගන්නකොට තමයි මේ උවදුර වෙන්න පටන් ගත්තේ අපි තෙල් වර්ග කිප වතාවක්ම භාවිතා කලා නමුත් වැඩක් උනේනෑ.මේ සම්බන්ධයෙන් කෘෂි කාර්ම නිලධාරීන් දනුවත්කලත් ඒ ය කිවුවේ දැන් පරක්කු වැඩියි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්නම් කියල ''


තම ගොයමට අත්වඇති ඉරණම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශයේ ගොවි මහතෙකු වන එච් ,ආර් ,ගුණසේන මහතා '' ගොයමට පණුවෙක් ගහලා තමයි මේ විනාශය උනේ මේ නිසා අපේ සියලුම ගොයම් දැන් විනාශ වෙලා තියෙන්නේ .අපි නය වෙලා පොලියට සල්ලි අරන් තමයි මේ ගොවි තැන් කරන්නේ නමුත් දැන් අපිට ජිවිතේ නැති කරගන්න තමයි වෙන්නේ ඒ නිසා මේ සදහා යම් පිලියමක් හෝ අපිට ජිවත්වෙන්න ආධාර මුදලක් හරි ලබාදෙන්න කියල අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා''








No comments

Powered by Blogger.