අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවන් 696ක් ඇතුලු 1,662 කු බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට


දීර්ඝ කාලයක් අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවන් 696ක් ඇතුලු 1,662 කු ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 91 දෙනෙකුද එම පිරිස අතර වන බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.


මේ අතර අද උදෑසන 5 ට අවසන් වූ ගතවූ පැය විසිහතරකට ආසන්න කාලය තුළ බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 748 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 350 දෙනෙකුම හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් අය බව සඳහන්.

No comments

Powered by Blogger.