හැට්ටයාගේ අනියම් බිරින්දෑවරුන් 6 ක් පොලිස් භාරයට


රුපියල් ලක්ෂ 98ක චෙක්පත් සහ හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන වේයන්ගොඩ හැට්ටයාගේ අනියම් බිරින්දෑවරුන් හයදෙනෙකු පොලිස් භාරයට ගෙන පරීක්ෂණ සිදුකරන බව මිනුවන්ගොඩ පොලීසිය පවසනවා.


කෑගල්ල, වීරගුල, වේයන්ගොඩ, කලගෙඩිහේන සහ නිට්ටඹුව ප්‍රදේශවල පදිංචි එම කාන්තාවන්ට, හැට්ටයා හෙරොයින් ජාවාරමෙන් උපයාගත් මුදල් වැයකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.


සැකකරු වසර 10 කට ආසන්න කාලයක් හෙරොයින් ජාවාරමේ නිරතව ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර, ඔහුගේ සහ බිරිඳගේ මෙන්ම දරුවන් දෙදෙනාගේද බැංකු ගිණුම් අත්හිටුවීම සඳහා පොලීසිය අධිකරණයෙන් නියෝග ලබාගෙන තිබෙනවා.


එසේම අනියම් බිරින්දෑවරුන්ගේද බැංකු ගිණුම් අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

No comments

Powered by Blogger.