රත්නපුර - කරන්ගොඩ ප්‍රදේශයේ දී ජීව අත්බෝම්බ සහ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
රත්නපුර - වැරණියගොඩ - කරන්ගොඩ ප්‍රදේශයේ දී ජීව අත්බෝම්බ සහ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ප්‍රදේශයේ ඊයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
23 හැවිරිදි මෙම සැකකරු සතුව තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, ජීව අත්බෝම්බ 2ක්, සජීවි පතොරොම් 4ක් සහ හිස් පතොරොම් කොපු 13ක් පොලීසිය සොයාගෙන තිබුණා
Leave a Comment