මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීම සිදුවූ ආකාරය ගැන පරික්ෂණයක්

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝට එරෙහිව නිතුත් කර තිබූ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමේ දී මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාගේ ක්‍රියාකලාපය ගැන සහ ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.


නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ පිළිබඳව සඳහන් කළේය.

No comments

Powered by Blogger.