බොරැල්ල සහ නුගේගොඩ ඇතුලු ප්‍රදේශ රැසක හෙරොයින් ජාවාරමේ නිරතවූ තරුණ කාන්තාවක් අත්අඩංගුවට

කළක සිට බොරැල්ල සහ නුගේගොඩ ඇතුලු ප්‍රදේශ රැසක හෙරොයින් ජාවාරමේ නිරතවූ කාන්තාවක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.


තලංගම පොලීසිය ඊයේ රාත්‍රියේ කලපළුවාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී බොරැල්ලේ පදිංචි 31 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.


එහිදී ඇය සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 200 කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් රුපියල් 30,000 ක මුදලක්ද සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.


එමෙන්ම ඊයේ රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසය ග්‍රෑන්ඩ්පාස් - තොටලග ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් සමඟ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

No comments

Powered by Blogger.