අම්බලන්තොට හෙරොයින් බෙදු කාන්තාවක් හා තවත් හතරක් අත්අඩංගුවට


   හෙරොයින් මත්කුඩු ජාවාරමේ නියැලී සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු  හෙරොයින් ග්‍රෑම් තුනකුත් මිලි ග්‍රෑම් 75 ක් සමඟ  අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිසිය සමත්වී තිබේ.


  අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති වරයාගේ මුලිකත්වයෙන් අම්බලන්තොට පොලිසියේ ස්ථාපිතකර තිබෙන මත්ද්‍රවය වැටලීමේ  විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මගින් බුද්ධි නිලනිලධාරින්ගේ තොරතුරු මත උපාය ධුතයින් යොදවා  මෙම වැටලීම සිදුකර තිබේ.


  අත්අඩංගුවට ගත් මෙම පිරිස   කාලයක් තිස්සේ අම්බලන්තොට නගරය ඇතුළු අවට ප්‍රදේශ වලට ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු බෙදාහැරීම් සිදුකල පිරිසක් බවයි පොලිසිය කියා සිටින්නේ.


  පසුගිය 15සහ 16 යන  දින දෙක තුල මෙම වැටලීම  අම්බලන්තොට නගරය තුල  සිදුකර  තිබිණි.ඒ අනුව අම්බලන්තොට වලෙවත්ත බොරලැස්ස  ප්‍රදේශයේ දීරඝකාලයක් තිස්සේ ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු ජාවාරමේ නියැලුණු 24 හැවිරිදි  කාන්තාවක් මත්කුඩු සමග ඇයගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබිණි


   අදාල කාන්තාව අත්අඩංගුවට ගනු ලැබූ අවස්තාවේදී ඇය  සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්රෑම් 1 යි මිලිග්‍රෑම් 310 ක් සොයා ගැනීමට පොලිසියට හැකිවී ඇති  අතර ඇය සන්තකයේ තිබු ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගැනිණි.ඉන් එක් ජංගම දුරකතනයකට පැමිණි පෞද්ගලික බැංකු කෙටි පණිවිඩයකට අනුව පොලිස් නිලධාරීන් ඇයගේ බැංකු ගිණුම පරීක්ෂාවට ලක්කර තිබු අතර ඒ වන විට එම ගිණුමේ ලක්ෂ 28ක තැම්පත් මුදලක් තිබී ඇති   අතර ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු ලබාගන්නා විවිධ පුද්ගලයින් එම ගිණුමට  මුදල් බැර  කිරීමෙන් අනතුරුව මත්කුඩු සැපයීම සිදු කර තිබෙන බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබිණි


  ඒ අනුව ඇයගේ අනෙක් ජංගම දුරකතනයට ද තවත් පෞද්ගලික බැංකුවකින් රුපියල් 5000 බැගින්  මුදල් බැරවීම්  සම්බන්දයෙන් පැමිණි කෙටි පණිවිඩයත් සමග එම ගිනුම්පොතත් සමග ඇය  සතු බැංකු ගිනුම්පොත් 03ක් නිලධාරීන් භාරයට ගෙන මුදල් විශුද්දීකරන පනත යටතේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර ගනුදෙනු අත්හිටුවීමට නිලධාරීන් පියවර ගෙන තිබිණි.අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියාද මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන මේවන විට බූස්ස බන්ධනාගාරයේ රදවා තිබෙන බවයි පොලිසිය කය සිටින්නේ.


 එමෙන්ම අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී මත්කුඩු පැකට් කරමින් සිටියදී හෙරොයින් ග්‍රෑම් 1 කුත් මිලිග්‍රෑම් 940 ක් සමඟ   අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් තිදෙනා සමඟ ඔවුන් සතුව තිබී මෙම මත්ද්‍රවය සදහා කලවම් කරන ලද යම් රෝගයක් සදහා දෙනු ලබන ඖෂධ පෙති විශේෂයක් ද සොයාගත් බවත් පසුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන්හට මෙම මත්ද්‍රවය ව්‍යාපාරය කරගෙන යෑම සදහා මුදල් සැපයු වලස්මුල්ල ප්‍රදේශයේ වයස  අවුරුදු 20ක පමණ යෝගට් ව්‍යාපාරිකයෙකු හා ඔහුට අයත් කුඩා ලොරි රථයක්ද පොලිස් බාරයට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ,


 අත්අඩංගුවට ගත් සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බව අම්බලන්තොට පොලිසිය පවසා සිටි

No comments

Powered by Blogger.