පරාජයට පත්වූ මැති ඇමතිවරුන්ට තවදුරටත් ආරක්ෂාව ලබාදෙනවාද, නැද්ද යන්න පිළිබඳව තීරණය තක්සේරුවකින් පසුව

මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ මැති ඇමතිවරුන්ට තවදුරටත් ආරක්ෂාව ලබාදෙනවාද, නැද්ද යන්න පිළිබඳව තීරණය කෙරෙන්නේ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් කිරීමෙන් අනතුරුව බව පොලීසිය පවසනවා.


අද දිනයේ ජාතික පුවත්පතක පළවී තිබූ වාර්තාවක සඳහන් වූයේ මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ 81 දෙනෙකුගේ ආරක්ෂක නිලධාරීන් ඉදිරි  සතියේ සිට ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.


කෙසේ වෙතත් එලෙස ආරක්ෂාව කඩිනමින් ඉවත් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ


සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ආරක්ෂක නිලධාරීන් හතරදෙනෙකුද, අමාත්‍යවරයෙකුට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු නිලධාරීන් අටදෙනෙකුද සේවය සපයනු ලබනවා.


No comments

Powered by Blogger.