හැටන් නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්වයට එහෙත් මාර්ගය තවදුරටත් අවදානම්
නල්ලතන්නිය පොලිස් වසමට අයත් මොහිණි දිය ඇල්ල ප්‍රදේශයේ මාර්ග ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කර ස්ථානයට ඉහලින් පිහිටි විශාල පස් කන්දක් (09) දින උදැසන ප්‍රධාන මාර්ගයට කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු (09) දින උදැසන සිට (10) දින උදැසන දක්වා සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.
මවුස්සාකැලේ ජලාශයට ඉහලින් නල්ලතන්නිය නගරයට පිවිසිමට තිබෙන මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කර කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන අතර එම ප්‍රතිසංස්කරණය සිදු කරන ස්ථානයට ඉහලින් පිහිටි පසු කන්දකුයි මෙසේ ප්‍රධාන මාර්ගයට කඩා වැටි තිබුණේ.
ප්‍රධාන මාර්ගයට ඉහලින් ඉහල කදු මුදුණේ යුකෙලෙප්ස්ටික් වර්ගයේ විශාල ගස් කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ අවධානමක් පවතින බවත් , එම ගස් කපා ඉවත් කරන ලෙස එම ගස් අයිති ලක්ෂපාන වතුයායේ පාලන අධිකාරිය වෙත ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරිය විසින් ලිඛිතව දැනුම් දි ඇතත් , එම ගස් කපා ඉවත් කර ගැනිමට වතු පාලන අධිකාරිය කටයුතු නොකිරිම නිසා යුකෙලෙප්ස්ටික් ගස් සමග විශාල පස් කදු තවදුරටත් ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ අවධානමක් පවතින බව ප්‍රදේශවාසින් පවසයි.
එම මාර්ගයේ දිනකට විශාල වාහන සංඛ්‍යාවක් ධාවනය කරන අතර , පවත්නා තත්ත්වය මත එම මාර්ගයේ ගමන් ගන්නා මගින්ට මෙන්ම රථ වාහන හිමියන්ටද දැඩි අවධානමක් පවති.
Leave a Comment