ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර, එහි වගඋත්තරකරු ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කර තිබෙනවා.
පෙත්සම්කාර නීතීඥවරයා කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුද්ධ ශාසන අමාත්‍යංශය ජනාධිපතිවරා යටතේ පැවතිය යුතු අමාත්‍යාංශයක් බවයි.
එහෙත් එම අමාත්‍යාංශයේ වෙනත් අමාත්‍යවරයෙකු යටතට පත් කිරීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම පටහැනි බවයි ඔහු කියා සිටියේ.
මෙයාකාරයෙන් ආරක්ෂක අමාත්‍යාංශය ද වෙනත් අයෙකු යටතට පත් කිරීමේ සූදානමක් පවතින බවද පෙත්සම්කාර නීතිඥවරයා කියා සිටිනවා.
එම ක්‍රියාවන් තුළින් ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
Leave a Comment