ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙකු හම්බන්තොටදී STF එකට කොටු
කතරගම පොලිස් විශේෂ කාර්ය බලකා මධ්‍යස්ථානයේ නිලධාරි හට ලැබුණු තොරතුරකට අනුව පසුගිය 13 වනදා රාත්‍රී 08 පමණ මෙම වැටලීම සිදුකොට අදාළ සැකකරු සමඟ මෙම ගිනි අවි දෙක සැකකරුගේ නිවසේ තිබියදී අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් පවසා සිටි.
අදාල සැකකරු මෙම ගිනි අවි පෙන්වා ප්‍රදේශයේ ජනතාව බියගන්වන බවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා හම්බන්තොට මුලස්ථාන පොලිසියවෙත් භාර දී ඇති අතර මෙම වැටලීම කතරගම පොලිස් විශේෂ කාර්ය බලකා මධ්‍යස්ථානයේ කඳවුරු අණදෙන නිලධාරී පො .ප පල්ලියගුරු මහතාගේ ප්‍රධානත්වයෙන් ,පො .ප වීරසිංහ ,පො ,සැ ,7587 ජයරත්න ,39493 ජනක ,66840,සිටිසේකර ,15933 ලලිත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.
Leave a Comment