රත්තරං කිලෝ 10 ක් කල්පිටිය පාලන්තුඩාව හංදියෙ දී අත්අඩංගුවට


විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (08)  දින කල්පිටිය පොලිස් වසමේ පාලවිය කල්පිටිය මාර්ගයේ පාලන්තුඩාව හංදියෙන් තලවිල පලියට හැරෙන ස්ථානයේ දී වැටලීමක් සිදුකර ඇත.


එහි දී නීති විරෝධී ලෙස කළු පාට වැගන් R වර්ගයේ කාර් රථයක සූක්ෂම ලෙස ආසනය යට සඟවා විදේශ රටකට යැවීමට රත්තරං ප්‍රවාහනය කරමින් සිටි වයස අවු. 34 ක් වන පුත්තලම කන්දකුඩිය ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගැණුනා.


අත්අඩංගුවට ගත් භාණ්ඩ  අතර,


1) පාර්සල් 08 ක අසුරන ලද රත්තරං කිලෝ ග්‍රෑම් 10 ක් පමණ.


2) වැගන් R කාර් රථ 01 යි,

No comments

Powered by Blogger.