හලාවත මූලික රෝහලේදී මියගිය රෝගියාට කොරෝනා ආසාදනය වෙලා - ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහළට





මීට සුළු වේලාවකට පෙර හලාවත මූලික රෝහලේදී මියගිය රෝගියා කොවිඩ් - 19 ආසාදිතයෙකු බව වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා තහවුරු කරයි.


මෙසේ මියගොස් ඇති අය වයස අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙකු වන අතර නාවිකයෙකු වශයෙන් සේවය කළ අයෙකි. බහරේන් සිට මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සැප්තැම්බර් මස 02 වන දිනදීය. එම අවස්ථාවේදී කොවිච් 19 රෝගියෙකු ලෙස හඳුනාගෙන නොමැති අතර නිරෝධායනයට ලක් කරමින් සිටින අතරතුර සැප්තැම්බර් 09 වන දින හලාවත මූලික රෝහලට ඇතුළත් කර ඇත. මෙම මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ හෘදාබාධයකි.


මෙය ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත 13 වන මරණය වේ.

No comments

Powered by Blogger.